අනවසර ධීවර කටයුතුවල යෙදුණු ඉන්දීය ධීවරයින් තිදෙනෙකු නිදහස් කෙරේ
ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ අනවසරයෙන් ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 3 දෙනෙකු යලි එරටට භාර දීම අද (11) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
එම ධීවරයින් භාර දීම කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී සිදු කෙරුණි. ඒ සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 41 වේග ප්‍රහාරක යාත්‍රාව යොදා ගෙන තිබුණු අතර, ඔවුන් භාර ගැනීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘රාණි දුර්ගාවතී’ නෞකාව පැමිණ තිබුණි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය අප්‍රේල් මස 4 වන දින මෙරට අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ධීවරයින් 38 දෙනෙකු නැවත ඉන්දියාවට භාරදීමට ද කටයුතු කරන ලදී.







