අන්තර්ජාතික වෙසක් දින සැමරුමේ විශේෂ අවස්ථාවන් සඳහා නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2017 අන්තර්ජාතික වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු, නරේන්ද්‍ර සිං මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගීත්වයෙන් ඊයේ (11) කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථ සීමාමාලක පරිශ්‍රයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. එම අවස්ථාව සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.
මෙම වෙසක් කලාපය විදුලි බුබුළු මගින් ඒකාලෝක කිරීම නාවික හමුදාව විසින් සිදු කරන ලදී. එම අවස්ථාව සඳහා හුණුපිටිය ගංගාරාමාධිපති අධිකරණ සංඝනායක අතිපූජ්‍ය ගලබොඩ සිරි ඤාණිස්සර නාහිමිපාණන්, අමාත්‍යවරුන්, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ප්‍රභූ පුද්ගලයන්, සම්භාවනීය අමුත්තන් ඇතුළු බැතිමතුන් අතිවිශාල පිරිසක් සහභාගී වී සිටියහ.
තවද, ලේක්හවුස් ආයතනය විසින් සංවිධානය කරන ලද අමාදහර වෙසක් කලාපය සහ බොදු බැති ගී සරණිය දෙවන දිනය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ගරු කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) ලේක්හවුස් මන්දිරය ඉදිරිපිටදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා ද නාවික හමුදාධිපතිතුමන් සහභාගී විය. මෙහි 10 වන දින සහ 11 වන දින පැවති බොදු බැති ගී වාදන ප්‍රසංගය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායම සිය දායකත්වය සපයා තිබිණි.
එහිදී, සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සහ කොළඹ තරුණ බෞද්ධ සංගමය එක්ව සංවිධානය කරනු ලැබූ දීප ව්‍යාප්ත ගද්‍ය රචනා තරඟාවලියේ පළමු ඛාණ්ඩයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතික පත් ප්රදානය කිරීම සඳහා ද නාවික හමුදාධිපතිතුමන් එක් විය.
එම අවස්ථාවේදී ලේක්හවුස් ආයතනයේ සභාපතිතුමා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය විසින් නාවික හමුදාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ප්රදානය කළ අතර, එතුමා විසින් නැවත එම තිළිණය වාද්‍ය වෘන්දය වෙත පරිත්‍යාග කිරීම විශේෂත්වයක් විය.
මෙම අවස්ථාව සඳහා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති, සුමේධ අමරසිංහ මහතා, ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂක වරුන් ඇතුළු කාර්යය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්, පුවත්පත් කතුවරුන්, සම්භාවනීය අමුත්තන් සහ සිවිල් ජනතාව විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.
නාවික හමුදාධිපතිතුමන් ගංගාරාම වෙසක් කලාපය සඳහා සහභාගී වීම










නාවික හමුදාධිපතිතුමන් අමාදහර වෙසක් කලාපය සහ බොදු බැති ගී සරණිය සඳහා සහභාගී වීම








