නාවික හමුදාව විසින් කෝටි නවයක් (9) වටිනා හෙරොයින් තොගයක් මුහුදෙන් සොයා ගනී
කන්කසන්තුරය වරායට නාවික සැතපුම් 8 ක් පමණ උතුරින් මුහුදේ පාවෙමින් තිබූ කිලෝ ග්රෑම් 9.3 ක් බරැති හෙරොයින් තොගයක් සොයා ගැනීමට නාවික හමුදා වෙරළාරක්ෂක බලකායේ රාජකාරි කළ නාවික පුද්ගලයින් අද (12) සමත් වී ඇත.
උතුරු මුහුදේ මුර යාත්රා කරමින් සිටි වෙරළාරක්ෂක යාත්රාවේ නාවිකයින් විසින් අද (12) උදේ 1050ට පමණ සැකකටයුතු පාර්සලයක් මුහුදේ පාවෙමින් තිබෙන බව නිරික්ෂණය කොට ඇත.
ඒ පිළිබඳව සැක පළ කළ නාවිකයින් විසින් ඒවා පරීක්ෂා කිරීම සඳහා කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලදි. පසුව කන්කසන්තුරය පොලීසියේ සහාය ඇතිව කරන ලද පරීක්ෂණ වලදී ඒවා හෙරොයින් බවට තහවුරු කරගෙන ඇත. එහි වටිනාකම රුපියල් කෝටි 9 ක් පමණ වන අතර එම තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කන්කසන්තුරය පොලීසිය වෙත භාර දීමට නියමිතය.






