ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්ර නෞකාවන් චාන්ගි වරායට සේන්දු වෙයි
සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පසුගිය 5 වන දින කොළඹ වරායෙන් පිටත් වූ ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්ර යන නෞකාවන් ඊයේ (12) සිංග්පූරුවේ චාන්ගි වරායට සේන්දු විය.
ඉන් අනතුරුව නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් අනුර ධනපාල සහ කපිතාන් නිශාන්ත පීරිස් යන මහත්වරුන් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අතිගරු නිමල් වීරරත්න මහතා හමුවී සුහද පිළිසඳරක නිරත විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
මෙම නෞකාවන් ලබන 18 වන දින දක්වා සිංගප්පූරුවේ රැදී සිටීමට නියමිතය. එම කාල සීමාව තුළ, යුද නැව් සංදර්ශනය, අන්තර්ජාතික සාගරික ආරක්ෂක සම්මන්ත්‍රණය, ජාත්‍යන්තර මුහුදු ඉංජිනේරු සමුළුව සහ නාවික හමුදා ජාල වැඩසටහන යන ක්‍රියාකාරකම් සඳහා සහභාගී වීමට ද නියමිතව ඇත.





