සිංගප්පූරු ජනපතිතුමන් ශ්‍රීලංනානෞ සාගර සහ නන්දිමිත්ර නෞකාවන් පිරික්සයි
සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මුහුදු ආරක්ෂක ප්‍රදර්ශනයට සහභාගීවීම සඳහා පිටත්ව එරට චාන්ගි වරායේ නවතා තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා සාගර සහ නන්දිමිත්ර යන නෞකාවන් අද (16) සිංගප්පූරු ජනාධිපති, අතිගරු ටෝනි ටෑන් මැතිතුමන් ගේ පිරික්සීමට ලක් විය.
සිංගප්පූරු නාවික හමුදාවට වසර 50 ක් පිරීම නිමිත්තෙන් පැවති නිල උත්සවයේ එරට යුද නෞකාවන් නිරීක්ෂණය කිරීමේ උත්සව අවස්ථාවේදී මෙම නෞකාවන් පිරික්සීම සිදු විය. එහිදී නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සහ නැව් මුළුව විසින් එරට ජනාධිපතිතුමන් හට සිය ආචාරය පුද කරන ලදී.




