නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි කිරීමකදී ඊයේ (17) නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය ලඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම පුපුරණ ද්‍රව්‍ය නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා භාවිතා කරනු ලබන අතර, එම පුද්ගලයා සතුව තිබූ වෝටර් ජෙල් වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 400 ක්, අඩි 2 ක් පමණ දිගකින් යුත් වෙඩි නූලක් සහ විද්‍යුත් නොවන ඩෙටනේටර් 10 ක්ද අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.
