කේරළ ගංජා කිලෝග්රෑම් 9.2 ක් සොයා ගැනේ; පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (21) තලෙයිමන්නාරම, තුල්ලුකුඩුඉරිප්පු ප්රදේශයේදී කේරළ ගංජා ග්රෑම් 505 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ගංජා ප්රවාහනය කිරීම සඳහා යොදා ගත් යතුරු පැදිය ද එහිදී අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ වැඩිදුර ප්රශ්ණ කිරීම් වලදී ඔහු විසින් තලෙයිමන්නාරම, ජේආර්එස් ගම් ප්රදේශයේ සඟවා තැබූ තවත් කේරළ ගංජා තොගයක් පිළිබඳව තොරතුරු අනාවරණය කර ගන්නා ලදී. ඒ අනුව එම ස්ථානය පරීක්ෂා කළ නාවිකයන් සහ පොලිස් නිලධාරීන් විසින් කේරළ ගංජා කිලෝග්රෑම් 8.720 ක්ද සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

