කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මහබාගේ පොලීසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (23) රාගම, දෙල්පේ ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 2 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම කේරළ ගංජා තොගය යතුරු පැදියක් මගින් ප්රවාහනය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට පත් වී ඇති අතර, එම පුද්ගලයා, යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මහබාගේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

