ඉන්දියානු නාවික හමුදාවේ ‘සුමේධා’ නෞකාව සාර්ථක සංචාරයෙන් පසු කොළඹ වරායෙන් පිටත්ව යයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ගැඹුරු මුහුදු මුර සංචාරක අධි තාක්ෂණික නෞකාවක් වන ‘සුමේධා’ නෞකාව තෙදින නිල සංචාරයකින් පසු අද (24), කොළඹ වරායෙන් පිටත්ව යන ලදී. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවට සමු දෙන ලදී.
මෙම මස 21 දින සිට මේ දක්වා එම නෞකාව ශ්‍රී ලංකාවේ රැදී සිටි කාලය අතර විවිධ වූ පුහුණු නාවික අභ්‍යාසයන්, සංස්කෘතික අංගයන් විදහා දැක්වෙන වැඩසටහන් සහ සුහද ක්‍රීඩා තරඟාවලි මෙන්ම තවත් වැඩසටහන් රාශියක් ඔවුන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
මීට සමඟාමීව ඊයේ (23) දිනයේ පවත්වන ලද ආපදාවට ලක්වූ නෞකාවක් ඇදගෙන යාම, නෞකා අතර භාණ්ඩ හුවමාරුකිරීමේදී නෞකා දෙකක් කඹයක් ආධාරයෙන් දුර හා ස්ථානය පවත්වා ගැනීම, ගිණි නිවීම සහ ආපදා කළමනාකරණය යන අභ්‍යාසයන් පවත්වන ලදී. මේ සදහා ශ්‍රීලංනානෞ සයුර හා තවත් නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගි වන ලදී.
ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරනු ලබන අධි තාක්ෂණික නෞකා දෙකද මෙම සුමේධා නෞකාව හා සමාන වන අතර අධි තාක්ෂණික උපකරණ හා සංවේදක වලින් සමන්විතය.
තවද, පසුගිය වර්ෂයේ (2016) මෙවැනි නිල සංචාරයන් සඳහා විදේශීය නාවික හමුදාවන්ට හා වෙරළාරක්ෂක බලකායන්ට අයත් නෞකාවන් 57 ක් සහ මෙම වර්ෂය (2017) තුළදී, මේ දක්වා නෞකාවන් 20 ක්ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත.






