කළුතර - උඩුගම ආපදා සහන කටයුතු සඳහා ඉන්දියානු නාවික හමුදාව එක් වෙයි
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘කර්ච්’ නෞකාවේ කාර්යය මණ්ඩලය, මේ වන විට ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු වල නිරත වෙමින් සිටී. කළුතර දිස්ත්‍රික්කයේ උඩුගම සහ ගලපාත යන ප්‍රදේශ වලට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ කටයුතු සඳහා ඉන්දියානු නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ඊයේ (27) දිනයේ එක්විය.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගෙන ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘කර්ච්’ නෞකාව ඊයේ (27) කොළඹ වරායට සේන්දු විය. තවද, අද (28) සහ හෙට (29) ඉන්දියානු නාවික හමුදාවේ ‘ශාර්දුල්’ සහ ‘ජලෂ්වා’ යන නෞකාවන් ද ආපදා සහණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
මෙවන් ස්වාභාවික ව්‍යසනයන් හමුවේ තම අසල්වැසි රාජ්‍යයට උපකාර කිරීමට ඉන්දීය රජය ඉදිරිපත් වීම දෙරටේ මිත්‍රත්වය සහ නාවික හමුදාවන් අතර පවතින අන්තර් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමක් ලෙස සඳහන් කළ හැක.







