ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයාගැනේ
නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත ක්රියාත්මක වූ උතුරුනාවික විධානයට අයත් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව රාජකාරී නියුතු නාවිකයන් පිරිසක් විසින් ඊයේ (28) පුන්ගුඩුතිව් ප්රදේශයේ තිබී ඉන්දියානු දුම්කොළ නිෂ්පාදන තොගයක් සොයා ගෙන ඇත.
එහි ග්රෑම් 50 ක පමණ බරකින් යුත් දුම්කොළ නිෂ්පාදන සහිත කුඩා ප්රමාණයේ බෝතල් 429 ක් තිබූ අතර, එම දුම්කොළ නිෂ්පාදන තොගය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් විසින් විනාශ කිරීමට කටයුතු කරන ලදි.




