නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් තිදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (2) උතුරු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් වල්ලම් 2 ක්, පිටත දහන යන්ත්‍ර 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 4ක්, පාවරල් යුගල් 2 ක් සහ මාළු කිලෝග්‍රෑම් 30ක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වෙලනි, සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


