අකුරේගොඩ ප්‍රදේශයේ ඇල මාර්ගයක් පිරිසිදු කිරීමට නාවික හමුදා සහාය
ඉදිරියේදී ඇති විය හැකි තද වැසි සහිත කාළගුණික තත්ත්වයන් හමුවේ අකුරේගොඩ ප්‍රදේශය අවට ගංවතුර අවධානමක් ඇති විය හැකි බැවින් එයට මුහුණදීම සඳහා නාවික හමුදාව මේ වන විටත් කටයුතු කරමින් සිටී. ඒ අනුව අද (ජූනි 07) කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ බැද්දගාන ඇළ මාර්ගයේ පිරිසිදු කිරීම් කටයුතු සඳහා නාවික හමුදාව සහාය දැක්වීය.
මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු මහජන නියෝජිත පිරිසක් ද, නාවික ස්ථානගත කිරීම අකුරේගොඩ නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරි කපිතාන් ධම්මික උඩුගම මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ද පැමිණි අතර නාවිකයන් 57 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහභාගි වී සිටියහ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත පසුගිය ජූනි 1 වන දින ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ එක්ස්කැවේටර් යන්ත්‍රයක් සහ නාවික හමුදා ට්‍රැක්ටර් එකක් සහ ට්‍රක් රථ 2 ක් යොදාගෙන තිබිණි.







