පාකිස්තානුනාවික හමුදාධිපතිතුමන් දිවයිනට පැමිණෙයි
නාවික හා සාගරික විද්යානපීඨයේ පැවැත්වීමට නියමිත විසිරයාමේ පෙළපාලියේ ප්රොධාන ආරාධිත අමුත්තාවශයෙන් සහභාගි වීම සඳහා පාකිස්ථානු නාවික හමුදාධිපති තුමන් ඊයේ (ජුනි 10) දින දිවයිනට පැමිණෙන ලද අතර,බණ්ඩාරනායක ජාත්ය න්තර ගුවන් තොටුපල පරිශ්රුයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්රර විජේගුණරත්න මහතා විසින් පිළිගන්නා ලදී.
එම අවස්ථාව සඳහා පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන්ගේ ප්රකධාන ලේකම් කොමදෝරු ජාවේඩ් ඉක්බාල්, පාකිස්තානු නාවික හමදා විද්යා් පීඨයේ ආඥාපති කොමදෝරු අඩ්නාන් අහමඩ් සහ ශ්රීඩ ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඉර්ෂාඩ්කාන් යන මහත්වරු එක්ව සිටියහ.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාධලයේ 30 වන , 31 වන සහ 55 වන බඳවා ගැනීම් වලට අයත් මධ්යර නිලධාරින් සහ සේවා ප්ර0වේශ නිලධාරින්ගේවිසිරයාමේ පෙළපාලිය අද (ජුනි 11) දින නාවික හා සාගරික විද්යාිපීඨයේ පැවැත්වීමට නියමිතව ඇත.
පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් 1975 වර්ෂයේදී නාවික හමුදාවට එක්වූ අතර 1978 වසරේදී මෙහෙයුම් අංශයේ නිලධාරියෙකු වශයෙන් අධිකාරියට පත් කර ඇත. ඔහු නාවික මෙහෙයුම් කටයුතු පිළිබඳ විශේෂඥ පාඨමාලාව එක්සත් රාජධානියේදී සහ පාකිස්ථානයේදී හදාරා ඇත. තවද 2014 වර්ෂයේ පාකිස්ථානයේ නාවික හමුදාධිපති වශයෙන් පත්ව ඇත.






