පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් ජාතික යුද විරු ස්මාරකයට පුෂ්පෝපහාර දක්වයි
මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදී සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා, අද දින (ජූනි 13), බත්තරමුල්ලේ පිහිටි යුද විරු ස්මාරකයට පුෂ්පෝපාහාර දක්වා ගෞරවය පුද කරන ලදී.
මව්බිම වෙනුවෙන් සිය ජීවිතය පුද කළ රණවිරුවන් සිහිකරනු වස් පවත්වන ලද මෙම පුෂ්පෝපහාර උළෙල සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරින් සහ නාවික පුද්ගලයන් පිරිසක් ද සහභාගි වූහ.



