පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් තුමන් බැහැ දකී
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද දින (ජූනි 13) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් ආරක්ෂක අමාත්‍යංශයේදී නිල වශයෙන් මුණ ගැසුණි.
එහිදි සුහද කතා බහක නිරත වූ එතුමන් ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කළ අතර එම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මෙම අවස්ථාවන් සඳහා පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධාන ලේකම් කොමදෝරු ජාවෙඩ් ඉක්බාල් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ඉර්ෂාඩ් කාන් යන මහත්වරු එක්ව සිටියහ.
එමෙන් ම පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් ඊයේ දිනයේ දී (ජූනි 12) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා, ශ්‍රී ලංකා යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ද හමු විය.



