පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමු වේ
මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියුතු පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි 13) අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේදී හමුවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.
මෙම හමුවේ දී පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර හමුදාමය සබඳතා මෙන්ම දෙරටේ දිගුකාලීන දේශපාලනමය සහ සංස්කෘතිකමය බැඳීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමන් අදහස් පල කරන ලදී. එහදී අදහස් දැක්වූ පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් කියා සිටියේ පාකිස්ථානයේ දීර්ඝ කාලීන මිතුරෙකු වන ශ්‍රී ලංකාව සහ එහි නාවික හමුදාවට ඕනෑම අවස්ථාවකදී සහය දැක්වීමට පාකිස්ථානු නාවික හමුදාව සූදානමින් සිටින බවයි. මෙම සුවිශේෂී අවස්ථාව සනිටුවහන් කරමින් තිළිණ හුවමාරුවක් දි සිදු කෙරුණි.
ශ්‍රී ලංකාවේ පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් කාන් සිප්රා, පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධාන ලේකම් කොමදෝරු ජාවෙඩ් ඉක්බාල් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු ආරක්ෂක උපදේශක කර්නල් ඉර්ෂාඩ් කාන් යන මහත්වරු මේ සඳහා සහභාගි විය.




