ළිං 74 ක් පිරිසිදු කිරීමට ශ්රී ලංකා නාවික හමුදා මැරීන් බලකායේ සහ එක්සත් ජනපද නාවික හමුදාවේ සහාය
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාවෙන් පැමිණි නාවික පුද්ගලයින් සහ ශ්රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකායට අයත් නාවිකයන් සමග එක්ව කඩුවෙල, නවගමුව ප්රදේශයේ ළිං 74 ක් ඊයේ (ජුනි 13) පිරිසිදු කරන ලදි.
ඒ අනුව ශ්රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකායේ නාවිකයින් 12 ක් සහ එක්සත් ජනපද නාවිකයින් 26 දෙනෙකු මේ සඳහා සහභාගි විය.
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහන සැලසීමේ ක්රියාන්විතයක් සදහා පසුගිය (ජුනි 11) වන දින කොළඹ වරායට සේන්දු විය.




