විශ්‍රාම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත නාවික හමුදා උත්තමාචාරය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී කළ එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හෙට දින (ජූනි 15), විශ්‍රාම යාමට නියමිතය. එම විශ්‍රාම යාම නිමිත්තෙන් නාවික හමුදාව සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලබන හමුදා උත්තමාචාරය අද උදේ 0900 ට නාවික හමුදා මූලස්ථානයේ දී සිදු කෙරුණි. අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.
මෙම අවස්ථාවේ දී නාවික හමුදාධිපතිතුමන් විශ්‍රාම යන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තුමන් හට සිය ඉදිරි කටයුතු සාර්ථක කර ගැනිම සම්බන්ධයෙන් සිය ශුභාසිංසන පිරිනමන ලදී. මෙම අවස්ථාව සංකේතවත් කිරීම පිණිස තිළීණ හුවමාරුවක් ද සිදු කෙරුණි.
ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ , නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ , අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට එක් විය.











