පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් බැහැදකී
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සැපත්ව සිටින පාකිස්තානු නාවික හමුදාධිපති අද්මිරාල් මොහොමඩ් සකාඋල්ලා මහතා අද (ජූනි 14) ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අරලියගහ මන්දිරයේදී බැහැදකින ලදී. මෙම අවස්ථාවට නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ද සහභාගී විය.
අග්‍රාමාත්‍යතුමන් සහ පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන් අතර පැවති සුහද සාකච්ඡාවේදී දෙරට අතර පවතින දීර්ඝ කාලින මිතුදම ඉදිරියටත් තහවුරු කර ගැනීම සඳහා වැදගත් වන කරුණු රාශියක් පිළිබඳව අවධානය යොමු කළ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ශ්‍රී ලංකාවේ පාකිස්තානු නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සෆ්රාස් අහමඩ් කාන් සිප්රා, පාකිස්තානු නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධාන ලේකම් කොමදෝරු ජාවෙඩ් ඉක්බාල් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු ආරක්ෂක උපදේශක කර්නල් ඉර්ෂාඩ් කාන් යන මහත්වරු මේ සඳහා සහභාගි විය.




