නාවික පවුල්වල දූ දරැවන් හට ශිෂ්‍යත්ව ප්රදානය කෙරේ
2015 හා 2016 වර්ෂවල පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයන්ට පෙනී සිට, විශිෂ්ට ලෙස සමත් වූ නාවික පුද්ගලයින්ගේ දූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්රදානය කිරීම නාවික හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 14), උදේ 0900ට ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක ශ්‍රවනාගාරයේ දී සිදු කෙරුණි.
ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව කර ගෙන යාමට කෙරෙන දිරි ගැන්වීමක් වශයෙන්, වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණනරත්න මහතාගේ සංකල්පයක් මත මෙකී ශිෂ්‍යත්ව වැඩසටහන ආරමිභ කරන ලදී.
මෙහිදී පැමිණි සිටි පිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමන් සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ ජීවිත කතාව සාරංශ කරමින් දුවා දරුවන් හට අගනා ආදර්ශයක් ගත හැකි දේශනයක් ඉදිරිපත් කළේය. එතුමන් තවදුරටත් පවසා සිටියේ, සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා විසින් ආරම්භ කරන ලද නිදහස් අධ්‍යාපනය භුක්ති විදින ඔබ මෙරට අනාගතය භාර ගැනීම උදෙසා මහත් උනන්දුවෙන් හා කැප කිරීමෙන් උසස් පෙළ කඩ ඉම ජය ගැනීමට වෙර දැරිය යුතු බවයි.
සියලුම දෙනා හට ඉදිරි උසස් පෙළ විභාගය ජය ගෙන විශ්වවිද්‍යාල වරම් ලැබීමට හැකිවේවායිද ආශිර්වාද කරන බවද එම අවස්ථාවේ ද ඔවුන් වෙත මෙවැනි ශිෂ්‍යත්ව ලබා දීමට නාවික හමුදාව සූදානම් බවත් ප්‍රකාශ කර සිටියේ ය.
මෙහිදී 2015 හා 2016 අ.පො.ස (සා.පෙළ) විභාගයන් වලින් විශිෂ්ඨ සාමාර්ථ නවයක් (9 A) ලැබූ දූ දරුවන් 14 දෙනෙකු විසින් මෙම ශිෂ්‍යත්වය හිමි කර ගන්නා ලදී. ඒ අනුව සෑම මසකටම රුපියල් 5000.00 බැගින් වසර දෙකක් සම්පූර්ණ වන තුරු ඔවුන් හට මෙම ප්‍රතිලාභය හිමි වනු ඇත. ඒ සඳහා ලංකා බැංකුවේ අරඹන ලද බැංකු ගිණුම් වලට අදාළ පාස් පොත් සහ සහතික පත් ප්රදානය කිරීම නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, අධ්යක්ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, අධ්යක්ෂ ජෙනරාල් සේවා රියර් අද්මිරාල් නිමල් සරත්සේන, ඇතුළු අධ්‍යක්ෂකවරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද ශිෂ්‍යත්ව ලාභී දූ දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.





