නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (13) ත්රිකුණාමලයේ, චැපල් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී නීති විරෝධි ලෙස තහනම් දැල් යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 2 ක්, පිටත දහන යන්ත්ර 2 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණයක්, මීටර් 225 ක් දිගැති තහනම් දැල් 2ක් සහ මාළු කිලෝග්රෑම් 35 ක් අත්අඩංගුවට පත් වූ අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කරන ලදී.


