මුහුදට වැටී ගල් දෙබොක්කාවක සිරවී සිටි පුද්ගලයෙකුගේ මෘත දේහය ගොඩ ගැනීමට නාවික හමුදා සහාය
හබරාදූව පොලිස් ස්ථානයෙන් ලද තොරතුරකට අනුව, උණවටුන ප්රදේශයේ වැඩිහිටි නේවාසිකාගාරයක් ආසන්නයේ කන්දක් අසල සිට මුහුදට වැටී ගල් දෙබොක්කාවක සිරවී තිබූ වැඩිහිටි පුද්ගලයෙකුගේ මෘත දේහයක් ගොඩ ගැනීමට දකුණු නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයන් පිරිසක් අද (18) සමත් විය.
ගොඩබිම ප්රදේශයෙන් ලගා විය නොහැකි ස්ථානයක මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය රැදී තිබූ අතර, දැඩි ප්රයත්ණයක් දරමින් නාවික පුද්ගලයන් විසින් එම මෘත ශරීරය ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී. මෙසේ මිය ගිය පුද්ගලයා උණවටුන බොනවික්කා වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි වයස අවුරුදු 61 ක පමණ පුද්ගලයෙකු බවට හදුනාගෙන ඇත.




