ප්‍රංශ සාගරික බලකා නියෝජ්‍ය ආඥාපතිතුමන් නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
ප්‍රංශ සාගරික බලකා නියෝජ්‍ය ආඥාපති, රියර් අද්මිරාල් ඔලිවියර් ලීබස් මහතා අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව සුහද කතාබහක නිරත විය.
එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති, අතිගරු ජීන් මරින් ස්කූබ් මහතා සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කොමාණ්ඩර් ලොයික් බිෂොට් මහතා ද එක් වී සිටි අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.








