ප්රංශ නාවික නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් බටහිර නාවික විධානය භාර ආඥාපති හමුවෙයි
සුහද සංචාරයක් සඳහා අද (20) කොළඹ වරායට සේන්දු වූ ප්රංශ නාවික හමුදාවට අයත් ‘මිස්ට්රල්’ සහ ‘කෝබට්’ යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ස්ටැනිස්ලස් ඩි චාගර්ස් මහතා සහ කොමාණ්ඩර් ක්සේවියර් බාගොට් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධාන ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.





