නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (20) ත්රිකුණාමලය එළිසබෙත් දූපතට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ඩිංගි යාත්රාවක්, මීටර් 225 ක පමණ දිගකින් යුත් තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 80 ක් පමණ ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, යාත්රාව, මසුන් තොගය සහ අනෙකුත් ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්රිකුණාමලය සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


