ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් සත් දෙනෙකු ඉන්දියානු නාවික හමුදා ඩෝනියර් ගුවන් යානා පුහුණුවක
ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානා 02 ක් පසුගිය ( 19) දින ලංකාවට පැමිණි අතර නාවික හා ගුවන් හමුදාවට අයත් නිලධාරින් මෙහිදී පුහුණුවක් සඳහා සහභාගි විය.
ජුනි මස 19 දින සිට 22 දින දක්වා ශ්‍රී ලංකා බටහිර සහ නිරිත දිග විශේෂ ආර්ථික කලාපයට අයත් ( EEZ ) මුහුදු තීරයේදී මෙම පුහුණු අභ්‍යාසයන් පැවැත්වේ. ගුවන් නිරීක්ෂණ පාඨමාලාව හදාරා ඇති ශ්‍රීලංකා නාවික හමුදා නිලධාරීන් සත් දෙනෙකු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ගමන් නියමු නිලධාරීන් මෙම ඩෝනියර් ගුවන් යානා අභ්‍යාසය සඳහා සභාගිවී සිටීය.


