නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ පාකිස්ථානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කල කර්නල් ඉර්ෂාඩ් කාන් මහතා අද දින (ජුනි 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය. තම ආරක්ෂක උපදේශක ධූර කාලය අවසන්වීම නිමිතිකොට ගෙන මෙම සුහද හමුව පැවැත්විණි.
එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, පසුගියදා ගංවතුරින් විපතටපත් අවස්ථාවේ මෙරට සහය සඳහා පාකිස්ථානු නාවික හමුදා මානුෂීය ආධාර ලබා ගැනීමේදී කරන ලද සම්බන්ධීකරණ කටයුතු මහත් අගයකොට සලකන බවත්, ධූර කාලය අවසන් කර මෙරටින් නික්ම යාමට නියමිත කර්නල් ඉර්ෂාඩ් කාන් මහතා හට සුභ පැතීමත්, නාවික හමුදාධිපති තුමා විසින් සිදු කරන ලදී.





