ශ්‍රී ලංකා ජාතික වෙරළ කබඩි තරඟාවලියේ ජයග්‍රහණය නාවික හමුදාවට
තංගල්ල, වෙරළ තීරයේ පැවති 2017 ශ්‍රී ලංකා ජාතික වෙරළ කබඩි තරඟාවලියේ සුපර් ලීග් තරග වටයේ ජයග්‍රහණය අත් කර ගැනීමට නාවික හමුදා කාන්තා කබඩි කණ්ඩායම ඊයේ (23) සමත් විය. ඒ අනුව, ලකුණු 35 - 45 ක් ලෙස ගුවන් හමුදා කාන්තා කබඩි කණ්ඩායම පරාජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායමට හැකියාව ලැබිණි.
මෙම තරඟාවලියේ කුසලාන ප්රදානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ධීවර රාජ්‍ය අමාත්‍ය ගරු දිලිප් වෙදආරච්චි මහතා සහභාගි විය. ජයග්‍රාහී කණ්ඩායමට හිමි ගරු දිලිප් වෙදආරච්චි කුසලානය (කාන්තා) ගරු ධිවර රාජ්‍ය අමාත්‍යතුමන් අතින් ප්රදානය කිරීම එහිදී සිදු කෙරුණු අතර, එම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදා නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.





