නාවික හමුදා පළමු ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය වැලිසරදී විවෘත වේ
නාවික හමුදාධිපති තුමාගේ සංකල්පයකට අනුව ගංවතුර ඇතුළු ස්භාවික ආපදාවන්ට ලක්වී පීඩාවට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කොට,ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානයක් වැලිසර ගැමුණු ආයතනයේ ස්ථාපිත කරන ලදී. මෙම ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය නාවික හමුදාධිපති තුමන් අතින් අද දින (25) විවෘත විය.
මෙම අවස්ථාව සඳහා බටහිර විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගි විය.
මෙම ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථානය තුල ක්ෂණික අවශ්‍යතාවයකදී භාවිතයට ගතහැකි ලෙස ජංගම මුළුතැන් ගෙවල්, ආහාර පිසීමේ උපකරණ, ආහාර උණුසුම් කිරීමේ උපකරණ, කූඩාරම්, වතුර පොම්ප, ජංගම වැසිකිලි, පිරිසිදු කිරීම සඳහා භාවිතයට ගතහැකි අධි පීඩනයකින් යුත් ජල කරාම, කුඩා යාත්‍රා සහ පිටත දහන යන්ත්‍ර ගබඩා කොට ඇත.
මෙම අවස්ථාවේ අදහස් දැක්වු නාවික හමුදාධිපති තුමන් පවසා සිටියේ තමන් මෙවැනි ආපදා ප්‍රතිචාර මධ්‍යස්ථාන දෙකක් උතුරුමැද හා නැගෙනහිර පළාත් වල සිථාපිත කිරීමට බලාපොරොත්තු වන බවය.
බස්නාහිර හා දකුණු පළාත් වල සිදු වන ස්වභාවික ආපදා සදහා ඉතාම කෙටි කලකින් ලඟාවී ක්ෂණිකව එම ස්වභාවික ව්‍යවසනයට ප්රථික්රියා දැක්වීම මෙම ආපදා මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ විය.









