කේරළ ගංජා කිලෝග්රෑම් 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පුත්තලම පොලිස් විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී, අද (29) පුත්තලම, පාලවිය ප්රදේශයේදී කේරළ ගංජා කිලෝග්රෑම් 8 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ගංජා තොගය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිට ඇති අතර, කිලෝග්රෑම් 2 බැගින් වූ ඇසුරුම් 4 ක් තුළ එම කේරළ ගංජා තොගය බහා තිබී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


