නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ, පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, තහනම් දැල් 11 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 11 ක්, මුහුණු ආවරණ 11 ක්, GPS යන්ත්‍ර 2 ක් සහ අල්ලන මසුන් කිලෝග්‍රෑම් 29 ක් පමණ ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ධීවර යාත්‍රා සහ අනෙකුත් ආම්පන්න කිලිනොච්චි, ධීවර සම්පත් කළමනාකරණ සහකාර කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.




