නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජූලි 1) මන්නාරමට උතුරින් වූ වැලිපර 4 මුහුදු ප්රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්රා 2 ක්, තහනම් දැල් 4 ක් සහ මාළු කිලෝග්රෑම් 37.5 ක ප්රමාණයක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ධීවර යාත්රා සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.





