නීති විරෝධී ලෙස අල්ලන ලද මෝර වරල් සහ මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ වංකාලේ පොලිසිට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව අද (ජුලි 04) උදෑසන සිදු කළ මෙහෙයුමකදි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් ජාවරම්හි නිරතව සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට හැකි විය.
මෙම මෝර වරල් සහ මුහුදු කූඩැල්ලන් තොගය ඩිංගි යාත්රාවක් තුළ මලු 20 ක් සගවා ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනිමට හැකි විය. එහිදි මෝර වරල් කිලෝග්රෑම් 553 ක්ද මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම් 317 ක්ද සොයා ගැණිනි.
අත්අංගුවට ගත් පුද්ගලයින් , මුහුදු කූඩැල්ලන්, මෝර වරල් සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතීමය කටයුතු සදහා යාපනය රේගු අධිකාරි කාර්යාලය වෙත භාර දිමට නියමිතය.



