නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) බේරා ගනි.
නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි 03) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු (04) බේරා ගැනීමට සමත් වී ඇත.
කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම පුද්ගලයින් දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දුන් අතර, ඔවුන් නිරුපද්‍රිතව බේරා ගැනිමෙන් අනතුරුව ගොඩබිම වෙත රැගෙන එමට එම නාවිකයින් කටයුතු කරන ලදි.


