කේරළ ගංජා කිලෝග්රෑම් 03 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ කැලණිය පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී කැලණිය, නුන්ගමගොඩ ප්රදේශයෙදි කේරළ ගංජා කිලෝග්රෑම් 03 ක් සමඟ පුද්ගලයෙකු අද (ජුලි 5) අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කේරළ ගංජා තොගය අලෙවි කිරිම සදහා ප්රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කැලණිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

