නාවික හමුදා මැරීන් බලඝණය සංවිධානය කළ Alligator (කිඹුලා) අභ්‍යාසය සාර්ථකව නිම කෙරේ.
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණය නාවික පුද්ගලයින් සහ යුධ හමුදාවේ කොමාණ්ඩෝ සහ විශේෂ බලකායට අනුයුක්ත හමුදා පුද්ගලයින් Alligator (කිඹුලා) අභ්‍යාසය අද (ජුලි 05) සාර්ථකව නිම කරන ලදි.
වාකරේ වෙරළ තීරයේ පැවැති මෙම අභ්‍යාසය සඳහා නාවික හමුදාවේ මැරීන් බලඝණයේ නාවික පුද්ගලයින් 100 දෙනෙකු, කොමාණ්ඩෝ භටයින් 30 දෙනෙකු සහ විශේෂ බලකා භටයින් 30 දෙනෙකු සහභාගිවන ලදි. මෙම අභ්‍යාසයේ ප්‍රධාන අරමුණ වූයේ මිත්‍ර හමුදාවන් සමඟ එක්ව සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ඉතා ශක්තිමත් කණ්ඩායමක් ලෙස ක්‍රියාන්විතයන් සඳහා විශේෂ පුහුණුවක් ලබා රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් සහ ගොඩබිමින් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට විශ්මිත අයුරින් මුහුණ දීමට සුදානම් විමය. මේ සඳහා නාවික හමුදාවේ ශ්‍රීලංනානෞ රණවිජය නෞකාව, එල් 821 යාත්‍රාව සහ වෙරළ බඩ යාත්‍රා (IPC) 04 ක් සහභාගි වන ලදි.
මෙම අභ්‍යාසය නිරික්ෂණය කිරිම සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, 22 බලසේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් අනුර ජයසේකර මහතා සහ අධ්යක්ෂ නාවික ගොඩබිම් මෙහෙයුම් කොමදෝරු යුඅයි සේරසිංහ මහතාද සහභාගි වි සිටියහ.








