කේරළ ගංජා කිලෝග්රෑම් 11 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ පෑලියගොඩ පොලිසියට අනුයුක්ත නිලධාරීන් එක්ව සිදු කරන ලද සෝදිසී කිරීමකදී පෑලියගොඩ ප්රදේශයේ හතරේ කණුව කළු පාලම අසලදි කේරළ ගංජා කිලෝග්රෑම් 11 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (ජුලි 5) අත්අඩංගුවට ගන්නා ලදී. මෙම කේරළ ගංජා තොගය අලෙවි කිරිම සඳහා ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට පත්ව ඇත.
පුද්ගලයින්, කේරළ ගංජා තොගය සහ ත්රිරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා පෑලියගොඩ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


