නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවු පුද්ගලයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජුලි 06) ත්රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 130 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්රිකුණාමලය සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.

