නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අද (ජුලි,06) වෙල්ල මුන්දලම් මුහුදු ප්රදේශයේ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 02 ක්, තහනම් දැල් 02 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 10 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.



