සුහද සංචාරයක් සඳහා ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් නෞකාවක් කොළඹ වරායට
ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් ෆ්‍රිගෙට් වර්ගයේ (ANZAC – Class Frigate) ‘අරුන්ටා’ යුද නෞකාව අද (10) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය. නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
මෙම නෞකාව දිගින් මීටර් 118ක් සහ පළලින් මීටර් 14.8 කින් යුත්ත වන අතර එහි නිලධාරින් 24 ක් හා නාවිකයන් 166 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් (190) සමන්විත වේ. නෞකාවේ අණදෙන නිලධාරි ලෙස කමාණ්ඩර් සීඩබ්ආර් ස්ටීල් මහතා රාජකාරි කරන අතර, ඔහු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කණ්ඩායමක් බටහිර නාවික විධානය භාර ආඥාපති , රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද පිළිසරදක නිරත විය.
දින 4ක නිල සංචාරයක් සඳහා පැමිණි එම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතය. ඒ අතර, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් නාවික අභ්‍යාසයන්, සුහද ක්‍රීඩා තරඟ මෙන්ම විවිධ සංස්කෘතික වැඩසටහන් කීපයකට ද එම නෞකාවේ කාර්යය මණ්ඩලය සහභාගී වනු ඇත. එම නෞකාව මෙම මස 14 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.
පසුගිය ගංවතුර ආපදා තත්ත්වයන් වලදී ඕස්ටේලියානු රජය විසින් ආපදා සහණ කටයුතු වෙනුවෙන් භාවිතා කිරීම පිණිස කුඩා යාත්‍රා 10ක් සහ සහනාධාර විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරන ලදී. දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය මනාව විදහාපාන අවස්ථාවක් ලෙස මෙය සනිටුහන් වනු ඇත.










