නාවික හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමා හමුවෙයි
නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (ජූලි 11) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී නව ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා හමුවිය. එහිදී, පළමුවෙන්ම නාවික හමුදාධිපතිතුමන් විසින් නව ආරක්ෂක ලේකම්තුමා හට සිය සුභාශිංසන එක් කරන ලදී.
ඉන් අනතුරුව, ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී නාවික හමුදාව සතු කාර්යභාරය පිළිබඳව ද ඔවුන් එහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී. මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක ලේකම්තුමා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.



