ශ්‍රී ලංකා මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් සමග ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා 2 කට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (ජූලි 12) තහනම් පන්න ක්‍රමයක් වන පතුල මත ඇදගෙය යාමේ පන්න ක්‍රමය (බොටම් ට්‍රෝලිං) මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවන් 2 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
දෛනික මුර සංචාරයෙහි යෙදි සිටි උතුරු නාවික විධානයට අයත් එම වේග ප්‍රහාරක යාත්‍රා මගින් ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වු මුහුදු ප්‍රදේශයේ නාවික සැතපුම් 12.5 ක් සහ 9.5 ක් පමණ දුරකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් ඉන්දීය යාත්‍රාවන් සහ අනෙකුත් භාණ්ඩ කරෙයිනගර්හි පිහිටි ශ්‍රීලංනානෞ එළාර ආයතනය වෙතද ධීවරයින් කන්කසන්තුරයහි පිහිටි ශ්‍රීලංනානෞ උත්තර ආයතනය වෙතද රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.





