රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්යක්ෂ (දන්ත වෛද්‍ය) වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් ඩග්ලස් පෙරේරා මහතා සිය 31 වසරක නාවික සේවය නිමා කරමින් අද (14) විශ්‍රාම යන ලදී. නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සිය ශුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව එතුමා වෙනුවෙන් නාවික හමුදා සම්මාන ආචාරයක් ද පුද කෙරිණි.
සම්ප්‍රදායානුකූල රථ පෙළපාළියකින් නාවික හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව දක්වා එතුමා කැටුව යාමෙන් පසු, සහෘද නිලධාරීන් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරියා හට සමුදෙනු ලැබීය. මාර්ගය දෙපස රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් ද එම නිලධාරියා හට සිය උත්තමාචාර පුද කරන ලදී.
1986 වසරේ දී ඉදුරාම බඳවා ගත් නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් පෙරේරා මහතා මීට පෙර විවිධ නිලතල දරමින් නාවික හමුදාවට විශාල සේවයක් ඉටු කර ඇත.





















