නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට
වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) කල්පිටිය, කිළිතිව් සහ නෙදුන්තිව් මුහුදු ප්රදේශයේ තහනම් දැල් යොදා ගනිමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 6 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි යාත්රා 3 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී, පිටත දහන යන්ත්ර 3 ක්, තහනම් දැල් 3 ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 20ක් ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ධීවර යාත්රා සහ අනෙකුත් ආම්පන්න පුත්තලම, සහකාර ධීවර අධ්යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.


