ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
සුහද සංචාරයක් සඳහා අද (20) මෙරටට පැමිණි ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකා ඉසුමෝ සහ සසනමි යන නෞකාවන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.
ඒ අනුව පළමු නාවික ආරක්ෂක ඒකකයේ ආඥාපති, රියර් අද්මිරාල් යොෂිහිරෝ ගෝකා මහතා, ඉසුමෝ සහ සසනමි යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් යොෂිහිරෝ කයි මහතා හා කොමාණ්ඩර් හිරොටකා ඔකුමුරා මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී මුණ ගැසුණි. එහිදී ඔවුන්, ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. නිල හමුව සඳහා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් අට්සුබිරෝ මොරොරෙ මහතා ද සහභාගී විය.





