ශ්‍රීලංනානෞ තම්බපන්නි ආයතනයේ නව නිලධාරී නිවස්නය නාවික හමුදාධිපතිතුමන් අතින් විවෘත කෙරේ
පුත්තලම, ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ අභිනවයෙන් ඉදි කරන ලද නිලධාරී නිවස්නය අද (ජූලි 20) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතින් විවෘත කෙරිණි. 2012 වර්ෂයේ ජුනි මස 30 වන දින මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ අතර, එය මහල් 3 කින් සමන්විත සියළු පහසුකම් සහිතව ඉදිකර ඇත.
මෙම අවස්ථාව සනිටුහන් කරනු වස් නාවික හමුදාධිපතිතුමන් විසින් එම ස්ථානයේ පැලයක් ද රෝපණය කරන ලදී. තවද, එතුමා නිලධාරී නිවස්නය ඉදිකිරීම සඳහා දායකත්වය දැක්වූ නාවික පුද්ගලයන් අමතා ඉතා උසස් අන්දමින් මෙම ගොඩනැගිල්ල ඉදිරිකිරීම පිළිබඳව ඔවුන් වෙත ප්‍රශංසාව පුද කෙරිණි.
එම අවස්ථාව සඳහා වයඹ නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් රසික දිසානායක, අධ්යක්ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් නිමල් සරත්සේන, නාවික හමුදාධිපතිතුමාගේ ලේකම් සහ අධ්යක්ෂ ජෙනරාල් අයවැය හා මුදල් රියර් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටියහ. තවද, වයඹ නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, ගුණසිරි ජයතිලක මහතා, නාවික හමුදා මූලස්ථානය සහ වයඹ නාවික විධානය නියෝජනය කරමින් තවත් නිලධාරීන් පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් සුමිත්‍ර ෆොන්සේකා මහතා ඇතුළු නිලධාරීන් සහ නාවිකයන් රැසක් ද එම අවස්ථාවට එක් විය.














