ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) අත්අඩංගුවට
උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (ජූලි 21) රාත්‍රියේ පෙදුරුතුඩුවට නාවික සැතපුම් 15 ක් පමණ උතුරින් වු මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අටදෙනෙකු (08) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ට්‍රෝලර් යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න කන්කසන්තුරය ශ්‍රීලංනානෞ ‘උත්තර’ ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නියමිතය.


