ශ්‍රී ලංකා නාවික හමුදාව සිය විශාලතම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව භාර ගනි
ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදි ශ්‍රීලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම අධිතාක්ෂණික ගැඹුරු මුහුදු නිරික්ෂණ නෞකාව නිල වශයෙන් භාර දීම අද දින (ජුලි, 22) සිදු කරන ලදි. මෙම සුවිශේෂි අවස්ථාව ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අතිගරු චිත්‍රාංගනි වාගිෂ්වර මැතිණිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.
මෙම අධිතාක්ෂණික නෞකාව නිශ්පාදනය කිරීම 2014 වසරේදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගෝවා නැව් තටාකාංගණය වෙත භාරදි තිබුණි. නෞකාවේ පතුල (Keel) සකස් කිරිම 2014 සැප්තැම්බර් මස 10 වන දින සහ නෞකාව දියත් කිරිම 2016 ජුනි මස 10 වන දින උත්සවාකාරයෙන් සිදු කරන ලදි. මේ අතර 2017 අගෝස්තු මස 02 වන දින මෙම නෞකාව නිල වශයෙන් අධිකාරියට පත් කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයෙදි සිදු කිරීමට නියමිතය.
මෙම නවිනතම අධිතාක්ෂණික නෞකාව මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාව තුල මුර සංචාර, සොදිසි මෙහෙයුම්, මානුෂිය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම්, සමුද්‍ර දුෂණ වැලැක්වීමේ මෙහෙයුම් සඳහාද මෙම නෞකාව යොදා ගැනිමේ හැකියාව ඇත.
මෙම නෞකාව දිගින් මීටර් 105.7 ක් වන අතර, පළලින් මීටර් 13.6 කින් යුක්ත වේ. මෙම නෞකාව පැයට මුහුදු සැතපුම් 24 ක උපරිම වේගයකින් සහ ටොන් 2350 ක ධාරිතාවයකින් සමන්විතවේ. මිට අමතරව නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකුට සහ නාවිකයින් 100 දෙනෙකුට රාජකාරී කිරීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත වේ. තවද, පැයට මුහුදු සැතපුම් 12 - 14 ක වේගයක් පවත්වා ගනිමින් නාවික සැතපුම් 4,500 ක පමණ දුරක් යාත්‍රා කිරිමේ හැකියාවද මෙම නෞකාව සතුව පවති. තවද, නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවිය හැකි අංගනයක්ද මෙය සතුය. මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අවශ්‍යතා වෙනුවෙන් නිෂ්පාදනය කරන ලදි මෙම නෞකාවේ නිෂ්පාදන කටයුතු නිම කිරිම සඳහා ඇ.ඩො මිලියන 66.55 කට ඇස්තමේන්තුගත කර ඇත.
මෙම සුවිශෙෂී අවස්ථාව සදහා අද්මිරාල් (විශ්‍රාමික) අරුන් ප්‍රකාශ්, ගෝවා නැව් තඨාකාංගණයේ සභාපති සහ කළමණාකර අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) ශේකර් මිතල්, ගෝවා තඨාකාංගණයේ හිටපු සභාපති සහ කළමණාකර අධ්යක්ෂ රියර් අද්මිරාල් (විශ්‍රාමික) වීනිත් බක්ෂි සහ ශ්‍රි ලංකා, ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවිය.











