නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට
නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (ජුලි,22) නයාරු සහ කෝකිලායි මුහුදු ප්රදේශයන්හිදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රා 06 ක්, මීටර් 200 ක් පමණ දිගකින් යුත් තහනම් දැලක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 500 ක්ද අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයන්, ඩිංගි යාත්රා සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුලතිව් සහකාර ධීවර අධ්යක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි

